Thursday, July 19, 2012

නුඹ සහ අපි


නිමිත්ත  -  "රවින්දි නැතිවෙලා"



පිළිකාව
ජීවිතය නුඹ වෙතට ගෙන ආපු
එක්තරා අභියෝගයක් විතරයි

පරාජය
අපි හැමෝටම අඩු වැඩි ලෙසින් හෝ ලැබෙන
තවත් අත්දැකීමක් විතරමයි

ජීවිතය
නොනැවතෙන සංසාර චක්රයේ
තව එකම නැවතුමක් විතරයි

ඉතිං
මරණය ජීවිතයෙහි එක්තරා නැවතීමක් වූ කල්හි

සොයුරියේ...

නුඹේ මළගම
අපේ තවත් එක හමුවීමක් විතරමයි……









Subscribe by email