Sunday, May 12, 2013

ඉර පායන දවස…


තටුවක් කැඩුණු කුරුලු පැටියෙක් උගේ හොඳම යාළුවට මෙහෙම කිව්වා



මට බලන්ඩ ඕනේ
අර කුරුල්ලො එක්ක
උඹලත්…
නිදහසේ
ලස්සන වසන්තයක ඉර රැස් යට
සතුටින් කල් ගෙවන හැටි
මහ පොළොවෙ
පුංචිම පුංචි වැලි කැටයක් වෙලා හරි ඉඳගෙන

*****

මට තව ඉගිලෙන්න පණක් නෑ
අර ඉස්සරහ පේන කන්ද ළඟට යන්නත් කලියෙන්
මාව සමබර නොවී වැටෙයි..මට දැනෙනව
නැත්තම් අර ගස් අතුවල මාව හැප්පෙයි
කමක් නෑ

ඒත්,
උඹල අතාරින්න එපා
ඔය වසන්තය සොයා යන ගමන
ඉක්මනටම ඉර උඹල ළඟට එනවා
බයවෙන්න එපා
මට දැනෙනවා
කුරුලු පැටව් ඔක්කොම දිනන බව දැනෙනවා

ඉතිං
මං වගේ එකෙක් වෙනුවෙන්
ඔය ගමන නවත්වන්න එපා
ආපහු හැරිලා බලන්නවත් එපා
පලයල්ලා..මෙතැන නොඉඳ පලයල්ලා
ඉක්මනට

ගිහින් කියන්න වසන්තෙට
ඔහු මෙතැනට එද්දි
ලස්සනම ලස්සන
මල් පැලයක් තියේවි කියලා
මට වඩා ගොඩක් ලස්සන...



13 comments:

  1. ජීවිතේ වරදිනවා ..... තියෙන හැම දේම නැතිවෙනවා .... එත් වැටිලා හිටියොත් නැගිට්ටවන්න කවුරුත් එන්නේ නෑලු .
    හැමදාම එකවගෙත් නෑලු ( මට හැර )

    ReplyDelete
  2. හ්ම්ම්ම්..... අනේ මන්දා නංගෝ මේක මං දෙතුන් පාරක්ම කියෙව්වා..... මේක කියෙව්වම හිතට දුකක් එක්කම මහම මහා පාළු ගතියක් දැනුනා.... මොකෝ මන්දා......

    මොනා වුනත් ලස්සනයි......

    ReplyDelete
  3. අනේ.... පින්තූරෙත් එක්ක ලස්සනට ගැලපෙන, සංවේදී සිතුවිල්ලක්!

    ReplyDelete
  4. මටනම් මේක කියවත්දී ගුරුගීතය කතාව මැවිලා පෙනුනා .
    හඃ හඃ හඃ
    සංවේදීව ලියලා තියෙනවා . නියමයි ආ .........

    ReplyDelete
    Replies
    1. අහා ඒක නම් හරිම සුන්දර විවරණයක් තමයි..දුයිෂෙන්ගේ ඇහින් කවිය නම් කළාම කවිය උඩුයටිකුරු වෙලා වුණත් වෙනස්ම විදියකට පේනවා.මරු මරු!!!

      Delete
  5. හ්ම්ම්.... ලස්සන සිතුවිල්ලක්! එහෙනම් වසන්තය ආපුවාවේ......

    ReplyDelete
  6. "කුරුලු පැටව් ඇස් අරින මොහොතට..
    වසන්තය ඇවිදින් හද අග්ගිස්සට
    ඉර එළියෙ හිනාවෙන මල්පෙති
    තනනු ඇති මල් කැදලි ඒ කුරුලු පැටවුන්ට

    ..ඒත් කුරුලු පැටවුනි...
    අමතක නොකළ යුතු නොවෙද
    නුඹලා වෙනුවෙන් තටු තනා
    සිය තටු සිදගත්
    ඒ ආදරණීයම සියොත් මිනිසා ගැන!"

    ReplyDelete
  7. ලස්සනයි..
    වසන්තය ආපුවාම මල් පැලයක් තියා මෙහෙමෙ දෙයක් උනනෙ කියලවත් කාටවත් මතකයක් නොතියේවි..
    එකයි ලෝක ස්වභාවය..

    ReplyDelete
  8. ඒ අඩුව පුරවන්න බැරි වේවි. ඒත් ඒ තැන ගන්න වෙන කුරුලු පැටියෙක් ඉඳීවි

    ReplyDelete
  9. නියමයි නංගී!
    ඔහොම තමා ඉඳලා හිටල නිර්මාණ දාන අය සුපිරිම එකක් දානවා.

    ReplyDelete

  10. Survival of the fittest.

    මේ තමා ලෝක ස්වභාවය නේද? අර පින්තූරෙ දැක්කම දුක හිතෙනවා. චූටි කුරුලු පැටියෙක්.

    ReplyDelete
  11. මේ නිර්මාණය කියවල පින්තූරෙ දිහත් ටික වෙලාවක් බලාගෙන හිටියම වචනයෙන් කියාන්න බැරි අමුතුම හැඟීමක් හිතට දැනුනා. ලස්සන සංවේදී සටහනක් නංගි....

    ReplyDelete
  12. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete



Subscribe by email