Sunday, May 26, 2013

සමුගැනීමක්...


මම ආදරෙයි
මේ අවන්හලට
මේ අඬ අඳුරට
කෝපි කෝප්පයක් තොල ගානකොට දැනෙන
ඒ අමුතු හැඟීමට..
ලයාන්විත සංගීතය යටින්
ඇස් පියාගෙන
අර ලස්සන අතීතයේ
සිහිනෙන් ඇවිදින්න
ඒ හැඟීමත් එක්ක
පුළුවන් හැමදාම...

ඒත්
අද අන්තිම දවස
මෙතැන තනිවෙන්න එන
ආයේ මත්වෙන්න බෑ
සැර කෝපි සුවඳ විඳ විඳ
තහනම්ලු
මට මේ අවන්හල
පිටුවල් කරනවලු
මුන්
මාව
මේ විස්ම නගරයෙන්
සදහටම

ඉතින්
අන්තිම වතාවටත්
මම
අද
අර සුපුරුදු මුල්ලේ වාඩිවෙලා
වෙනදා  ජාතියේම
කෝපි කෝප්පයක්  අරගෙන
තොලගාන්න ගත්ත

බෑ
උගුරක්වත් බී ගන්න බෑ
පට්ට තිත්තයි
ඒ මදිවට
මේ සිසිරය දරාගන්න බැරිව
පැලිලා ගියපු මගේ තොල්
මේකේ ගින්දරට පුපුරු ගහනවා
මාව පිච්චෙනවා
මාව පිච්චෙනවා
එත් තාම මම
කෝපිවලට ආදරේ කරනවා
ඒ ආදරේ ළඟ
මාව පිච්චෙනවා

This is not a true story...LOL

Image











8 comments:

  1. ම්ම්ම්....කෝපි...
    හැම වෙලාවේම මෙහෙම නැහැනේ... ;)

    ReplyDelete
  2. මොකද අද මේ සමුගැන්ම ලංකාවට එන්නවත්ද හදන්නේ..
    කොපිවලට ආදරෙයි ඒ වගේම ඒ රස්නය දරන්නත් අමාරුයි..
    හොදයි පබැදුම..

    ReplyDelete
  3. නියමයි අක්කෝ...රුසියන් කෙටිකතාවක් වගේ.ඇස් ඉස්සරහා මැවිලා පේනවා!.... දිගටම මේ වගේ එක්සලන්ට් කවි ලිව්වොත් ඉතින් අපිට යන එන මං නැති වෙනවා..)))) ඒත් කමක් නෑ දිගටම ලියමු..අපූරුයි! සුබ පැතුම්!!

    ReplyDelete
  4. හුරුපුරුදු දේවල් දාලා එන්න හුඟක් වෙලාවට හරි අමාරුයි..

    ReplyDelete
  5. සමහර දේවල් කොයි තරම් වේදනාවක් ගෙනාවත් ඒ දේවල් වලින් ඈත් වෙන්නත් අපි කැමති නෑ...

    ලස්සනයි නංගියා පබැඳුම :)

    ReplyDelete
  6. අර උඩ එක්කෙනෙක් කියල තියනවා වගේ රුසියන් කතාවක් වගේම තමයි...:)

    ReplyDelete
  7. තිත්ත කෝපි .............

    ReplyDelete
  8. ගෙදර හදන කකෝපි වලට වඩා දන්සල්වල කෝපි මරු ;)

    ReplyDelete



Subscribe by email